ලොව ප්රසිද්ධම මොටර් රථ නිශ්පාදන සමාගමක් වන Tesla සමාගම එයාලගේ ඇලුත්ම ඉලෙක්ට්රික් කාර් මොඩ්ල් එකක් ලොන්ච් කරා. මේක ඔවුන් නිකුත් කරන්නේ ප්රසිද්ධ Tesla Model S කාරයේ D Version එක විදිහටයි. පුදුම හිතෙන අලුත් අලුත් වැඩ කැලි ගොඩක් එක්ක තමා මේ බාන්ඩේ එලියට එන්නේ. ලොව පළමු වතාවට ඉලෙක්ට්රික් මොටර් 2ක් සහිතව නිශ්පාදනය වූ පළමු මොටර් රථය ලෙස තමා මෙය වාර්ථා වෙන්නේ.
මෙම කාරයට තත්පර 3.2ක කාලයක් තුලදී පැයට සැතපුම් බිංදුවේ සිට පැයට
සැකපුම් 60ක වේගයක් ලබා ගැනීමට හැක වනවා. ඉලෙක්ට්රිත් කාරයක් මෙවැනි සුපිරි
වේගයක් වාර්ථා කල පළමු අවස්ථාව මෙය බවට වාර්ථා වන අතර එම වේගය ලොව අති ජනප්රිය McLaren F1 සුප්ර්කාර් එකේ
ත්වරණයට සමානයි.
මෙච්චර ස්පීඩ් වැඩි කරලත් අලුත් මොඩ්ල් එක තනි චාජ් එකකින් ගමන් කල
හැකි දුරත් තව සැතපුම් දහයකින් වැඩි කරලත් තියෙනවා.
අලුත් Tesla Model S එකේ D version එක කිලෝවොට් 60ක මෝටර් ඇති 60D සහ කිලෝවොට් 85ක මෝටර් ඇති 85D සහ P85D යන අලුත් මොඩ්ල්
තුනකින් එනවා. ඉහත සඳහන් ත්වරණය තියෙන්නේ P85D මොඩ්ල් එකේ. P85D මොඩ්ල් එක දෙසැම්බර්
මාසයේ ඇමරිකාවේ අලෙවිය ආරම්භ වෙනවා ඇමරිකානු ඩොලර් ලක්ෂ120කට (රුපියල් මිලියන 16ක් විතර)
The Verge වෙබ්සයිට් එකෙන් මේ
අලුත් කාර් එකේ acceleration එක පෙන්වන වීඩියෝ
එකක් දාලා තියෙනවා.
වීඩියෝ එකේ දැක්වෙන පරිදි අලුත් Tesla Model S එකේ D versions වලට ඩ්රයිවර් කෙනෙක් නැතුව කාර් එක තනියෙන්ම පදවනවා මේකට Tesla සමාගමේ සභාපති Elon Musk මහතා කියන්නේ Autopilot කියල. හරියට ප්ලේන් එකක් වගේ.

0 comments:
Post a Comment